
සිංහල ෆොන්ටයක් යොදා මයික්‍රොසොෆ්ට් වර්ඩ් යතුරුලියනය කිරීමකදී එම ලිපිය විවර කරන පරිගණකයේ එම ෆොන්ටය නැතිනම් අකුරු හරියාකාරව දර්ශනය නොවීමේ ගැටලුව ගැන ඔබ දන්නවා.එයට විසඳුම ලෙස ඔබ මෙතෙක් කල් කළේ එම අදාළ ෆොන්ටයේද කොපියක් සමඟ වර්ඩ් ෆයිලය අවශ්‍ය කෙනෙකුට යොමු කිරීමයි.නමුත් එම ගැටලුවට පහසු විසඳුමක් වර්ඩ් මෘදුකාංගය තුළම ඇති බව ඔබ මෙතෙක් නොදැන සිටියාද?
ඔබ පාවිච්චි කරන්නේ,වර්ඩ් 2000-2002 හෝ 2003 සංස්කරණයක් නම් ඔබට අවශ්‍ය සිංහල ඕනෑම ෆොන්ටයකින් යතුරු ලියන කර ටූල්ස්-ඔප්ෂන්-සේව් යන ස්ථානයට ගොස් එම්බෙඩ් ටෘ ටයිප් ෆොන්ට්ස් යන තැන කිලික් කර එම වින්ඩෝව ඕකේ කර ඉන් ඉවත් වී ඒ සමගම ෆයිලය සේව් කරන්න.එවිට ෆොන්ටය වර්ඩ් ඩොකියුමන්ට්හි ඇතුළාන්තයේ සේව් වන අතර එම ෆොන්ටය නැති ඕනෑම පරිගණකයක විවර කර නිවැරදිව නැරඹිය හැකිය.
අමතර කරුණු
- මෙවැනි ආකාරයට සේව් කිරීමකදී ෆයිලයේ කිලෝබයිට් ගණන තරමක් වැඩි වන්නේ,එහි ෆොන්ටයද අන්තර්ගත බැවිනි.එම බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් ඔබ වර්ඩ් ෆයිලයේ ටයිප් කළ අකුරු පමණක් සේව් කිරීමටද හැකිය. ඒ සඳහා ටූල්ස්-ඔප්ෂන්-සේව් මෙනුවට ගොස් එම්බෙඩ් කැරැක්ටර්ස් ඉන් යූස් ඔන්ලි තේරිය යුතුය.
- ඔබ පරිහරණය කරන්නේ වර්ඩ් 2007 නම් එහි ඔප්ෂන්ස් හි මෙම තේරීම් තේරිය යුතුය.
- මෙවැනි ටූල්ස්-ඔප්ෂන්-සේව්හි කරන වෙනස් කම ඔබ මේ අකාරයට සේව් කිරීමට අවශ්‍ය සෑම වාරයක් පාසාම කළ යුතු අතර වර්ඩ් 2007 හිදී පමණක් මෘදුකාංගයේ ස්ථිර වෙනසක් ලෙස එම වෙනස්කම සිදුකර තැබිය හැකිය.