Friday, July 3, 2009

වින් රාර් මගින් ෆයිල් සිප් කිරීම හා අන්සිප් කිරීම කරන්නේ කෙසේද?

ෆයිල් සිප් කිරීම යනු ෆයිලයක ප්‍රමාණය තද කර/උන්ඩි කර අඩු කිරීමයි මෙම කාර්යය සිදුකරන මෘදුකාංග රාශියක් මේ වන විට අප අතර භාවිතයේ පවතී.ඒවායේදී එය තද කිරීමට අමතරව ෆයිලයක් නිශ්චිත කොටස් වලට කඩා වෙන් කරදීමද සිදු කරනු ලබයි.
මෙම කොටස් ටික වෙන වෙනම රැගෙන ගොස් යළි එකතු කර තනි ෆයිලයක් ලෙස නැවත ලබා ගැනීමටද පුළුවන.
මෙහි ප්‍රයෝජනය වන්නේ පරිගණකයේ ඇති විශාල ප්‍රමාණයේ ෆයිලයක් අපට කැමති පරිදි කොටස් කර අප සතු පෙන් ඩ්‍රයිව්/‍ෆ්ලොපියේ රැගෙනයා හැකිවීමයි.
වින් සිප් - වින් රාර් - 7සිප් මෙම කාර්යය සිදු කරන මෘදුකාංග අතර මුල් තැනට එයි.
මේවා අතුරින් වැඩිදෙනෙකු වින් රාර් භාවිතා කිරීමට පුරුදුව සිටින්නේ,එමගින් අන් මෘදුකාංගවල කාර්යයම වැඩි පහසුකම් සහිතව ඉටු කර දෙන බැවිනි.පහතින් වින්රාර් මෘදුකාංගයේ සම්පූර්ණ නිකුතුව (Full version) නොමිලයේ ලබා ගන්න.
Download Free
Win Rar 3.71   - Download

වින් රාර් මගින් සිප්/රාර් කිරීම
ඉහත මෘදුකාංගය ස්ථාපනය කළ පසු වින්රාර් ඕපන් කර එහි මෙනුවේ කොමාන්ඩ්ස්-ඇඩ් ෆයිල් ටු ආර්කයිවි තෝරා ඔබට සිප් කිරීමට අවශ්‍ය ෆයිලය හෝ ෆයිල් තෝරාගන්න.එවිට එය සිප් හෝ රාර් කිරීමට හැකි තේරීම් එනු ඇත.

වින් රාර් මගින් ෆයිලයක් කොටස් හැටියට රාර් කිරීම
ඉහත පියවරට නැවත ගොස් බලන විට ස්පිලිට් ටු වොලියුම් යන ස්ථානයේ කොටස් වශයෙන් ඔබට කැඩිය යුතු ප්‍රමාණයන් දැක්විය හැකි වනු ඇත.

වින් රාර් මගින් සිප්/රාර් කළ ෆයිල් නැවත නියම ප්‍රමාණයට ගැනීම
අවශ්‍ය ෆයිලය තෝරා මෙනුවේ සඳහන් එක්ස්ට්‍රැක්ට් යන්න එබීමෙන් මෙය කළ හැකිය.

වින් රාර් මගින් කොටස් හැටියට රාර් කළ ෆයිල් නැවත නියම ප්‍රමාණයට ගැනීම
කොටස් කළ ෆයිල් අතර අංක 1/අංක 0 හෝ පාර්ට්1 යයි අගට සඳහන් ෆයිලය පමණක් තෝරා මෙනුවේ සඳහන් එක්ස්ට්‍රැක්ට් යන්න එබීමෙන් මෙය කළ හැකිය.මෙම කාර්යය ප්‍රවේශමෙන් කළ යුතුවන අතර ෆයිල් වල නම් වෙනස් නොවීමට අවශ්‍ය වන අතර එකම තැනට සියලු ෆයිල් ගෙනඒමද මෙම කාර්යයේදී අවශ්‍ය වේ.