Saturday, July 4, 2009

ටොරන්ට්ස් මගින් ඩවුන්ලෝඩ් කිරීමක් කරන්නේ කෙසේද?

ටොරන්ට් යනු කුමක්ද?

පරිගණක ජාල අතර අන්තර්සම්බන්ධය ඔස්සේ හුවමාරු කරගන්නා ෆයිල් යොමුවිශේෂයක් ලෙස ටොරන්ට් කෙටියෙන් හැඳින්විය හැකිය.
එනම් කිසියම් ෆයිල් එකක්(උදා-චිත්‍රපටයක්) කිසිවකුගේ පරිගණකයේ තැන්පත්ව ඇතිනම්ද එම පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ නම්ද ටොරන්ට් මෘදුකාංගයක් ඔස්සේ පරිගණක රාශියකට එකී ෆයිලය එතැනින් ඇද ඩවුන්ලෝඩ්(බාගැනීම) කළ හැකිය.
පී 2 පී ෂෙයාරින් නමින් හඳුන්වන මෙම ක්‍රමය අද ඉතාම ප්‍රචලිත බාගැනීමේ ක්‍රමයක් වන අතර එකම ෆයිලය පරිගණක ගණනාවක තිබේ නම් මෙම ක්‍රමයට බාගන්නා මෘදුකාංගය ඒ සියලුම ඒවා වෙත යොමුවී ඉක්මණින් බාගැනීම සිදු කරයි.බිට්ටොරන්ට් හා යූටොරන්ට් මේ සඳහා ප්‍රචලිත මෘදුකාංග 2 කි.

බාගැනීමක් සිදු කළ හැක්කේ කෙසේද?
  1. පළමුව බිට්ටොරන්ට් මෘදුකාංගය ස්ථාපනය කරගන්න
    ඒ සඳහා යන්න
    http://www.bittorrent.com/btusers/download/?
  2. දෙවනුව බාගැනීමට අවශ්‍ය සිංදුවක හෝ චිත්‍රපටයක ෆයිල් යොමුවක් බාගන්න
    මෙම යොමු ඉතා කුඩා බයිට් ගණනක ෆයිල් විශේෂයකි.
    මේවා සොයා දෙන වෙබ් අඩවි රැසක් ඇත.ඒ කිහිපයකි
    www.torrentz.com
    www.mininova.org
  3. තෙවනුව එම යොමුව බිට්ටොරන්ට් මගින් විවර කරන්න එවිට ඩවුන්ලෝඩ්වීම ඇරඹේ-එපමණයි
අමතර උපදෙස්
  • බිට් ටොරන්ට් ඉන්ස්ටෝල් කිරීමේදී(ස්ථාපනයේදී) ඔබේ පරිගණකය බාහිර පරිගණක ජාලයකට සම්බන්ධ වන නිසා ඔබ‍ගෙන් ආරක්ෂාව පිළිබඳ පැනයක් විමසනු ඇත.
  • ඔබගේ ඩවුන්ලෝඩ්වීම සිදුවන අතර අප්ලෝඩ්වීම(ඔබේ දත්ත පිට අය හුවමාරුවට ගැනීම) සිදු වන අතර එම දෙකෙහි වේගය ඔබට මෘදුකාංගයේ සෙටින්ග්ස් වලින් වෙනස් කළ හැකිය.
  • වෙනත් ඩවුන්ලෝඩ් ක්‍රමවල මෙන් නොව මෙය කඩින් කඩ කිරීමට එනම් දවස් කිහිපයකදී විටින් විට එකම ෆයිලයේ කොටස් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව පවතී.
  • බොහෝ විට මෑත කාලීනව වැඩි දෙනා ෂෙයාර් කරන (වැඩිම සීඩ්ස් ගණනක් හිමි) ෆයිල් ඉක්මණින් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව පවතින නමුත් සමහර ඒවා ෂෙයාර් කර ඇත්තේ ටික දෙනෙකු නම් වෙලාව වැඩිපුර යනු ඇත.
  • ඔබ භාවිත කරන්නේ ටෙලිකොම් ඒ ඩී එස් එල් නම් උපරිම ඩවුන්ලෝඩ් වේගය 52 කේබීපීඑස් වනු ඇත.
  • ඔබ පරිගණකය භාවිත කරන ආයතනය ටොරන්ට් අවහිර කර ඇති නම් මෙම ක්‍රමය යොදා ගත නොහැකිය.