ඉංග්‍රීසි වචන බහුලව යෙදෙන පරිගණක ක්ෂේත්‍රයටම කියා සිංහලෙන් වචන අඩුය.සමහර වචන තේරුම් යන්නේ සිංහලෙන් නොව ඉංග්‍රීසියෙන් හැඳින්වූ විටය. පරිගණක පාරිභාෂික වචන මාලාවක් මේ වන විට වර්ධනය වෙමින් පවතින නමුත් අවසාන වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.
මෙම වෙබ් අඩවියේදී ඇතැම් තැන් වල අප යොදා ගන්නා පාරිභාෂික වචන කිහිපයක් පහත දක්වමු.
Web Site - වෙබ් අඩවිය
Install -ස්ථාපනය
Download -බා ගැනීම
Internet - අන්තර්ජාලය
Share-හුවමාරු
Update -යාවත් කාල
Click -එබීම /ක්ලික් කිරීම
Desktop-මුහුණත
Mouse-මවුසිය
Right /Left Click -දකුණු/වම් මවුසියෙන් විවර කිරීම
Run-ධාවනය
Play-ක්‍රියාත්මක කිරීම
Software-මෘදුකාංග (පරිගණකයේ ධාවනය වන වැඩසටහන්)
Hardware-දෘඩාංග (පරිගණකයේ අභ්‍යන්තර උපාංග)
Setup-ධාවනයට සූදානම් කළ මෘදුකාංගයක්
System-පද්ධතිය