
ආර් එස් එස් කියවීම ක්‍රම දෙකකින් කළ හැකිය.එකක් එම පහසුකම සපයන අන්තර්ජාල පිටුවක ලියාපදිංචිවීමයි. නැතිනම් එය සපයන මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීමයි.
ගූගල් රීඩර් (Google Reader)යනු එවැනි පිටුවකි.ඔබට ජීමේල් ලිපිනයක් තිබේ නම් පහසුවෙන් ඊට එක් විය හැකිය.එහි සාමාජිකත්වය ලබාගෙන අවශ්‍ය වෙබ් අඩවි වල ආර් එස් එස් ලිපින එයට සපයා එමගින් වෙබ් අඩවි කියවීමේ පහසුකම අන්තර්ජාලය තුළ ස්ථාපිත කළ ස්ථානයක සිට කළ හැකිය.එවිට මෘදුකාංග ස්ථාපනයක් අනවශ්‍ය වන අතර ඊමේල් බලන පරිද්දෙන් ඕනෑම තැනක සිට කියවිය හැකිය.
දෙවනුව සඳහන් ක්‍රමය වන මෘදුකාංග තුළින් ආර් එස් එස් කියවීමට නම් ඔබ එම මෘදුකාංගයක් පරිගණකයට බාගෙන ස්ථාපනය කර ගත යුතු වන අතර නොමිලයේ සපයන මෘදුකාංග දෙකක් පහත පරිදිය.
FeedDemon
Feed Reader
මෙම මෘදුකාංග තුළට ඔබට අවශ්‍ය වෙබ් අඩවි වල ආර් එස් එස් ලිපින එක්කර කියවීම සිදු කළ හැකිය.
මේ සියල්ලට අමතරව ඔබ අන්තර්ජාලය නරඹන මෘදුකාංගය වන්නාවූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හා ෆයර් ෆොක්ස් බ්‍රවුසර වල නවතම සංස්කරණවලද ආර් එස් එස් කියවීමේ විශේෂාංගය ඇතුළත් කර ඇති අයුරු ඔබට දැක ගත හැකිය.
එකවර වෙබ් අඩවි රැසක් තනිපිටුවකින් නැරඹීමේ මෙම පහසුකම නිසා කිසියම් විශේෂ ප්‍රවෘත්තියක් පිළිබඳ පිරික්සන අවස්ථාවක එකම පුවත ඩිෆෙන්ස් එල් කේ කිව්වේ කෙසේද ඩේලි මිරර් කිව්වේ කෙසේද එයම ඊ නිවුස් වාර්තා කළේ කෙසේද ආදී ගවේෂණයක් තනි පිටුවක සිට කළ හැකිය.
Defence.lk Rss Feed
http://www.defence.lk/sinhala/news/rss20.xml
Daily Mirror Rss Feed
http://www.dailymirror.lk/DM_BLOG/RSS/BreakNewsRSS.xml
LankaENews RSS Feed
http://www.lankaenews.com/Sinhala/rss/rss.php
ප්‍රධාන වෙබ් අඩවි වල තවත් ආර් එස් එස් යොමු පසුව පළ කරමු.