Sunday, July 5, 2009

පරිගණකයේ වේගය-මතකය-ධාරිතාව ආදී දත්ත දැනගන්නේ කෙසේද?

පරිගණක ක්‍රීඩා ස්ථාපනය කිරීමේදී මෙන්ම ඇතැම් මෘදුකාංග ස්ථාපනයේදී වැඩි වේගයක් වැඩි මතකයක් සහිත පරිගණකයක්වීම අත්‍යවශ්‍ය සුදුසුකමක් ලෙස සලකනු ලබන අතර එම සුදුසුකම නැතිනම් එය ස්ථාපනය කිරීම අපහසු වන අතර සමහරවිට ස්ථාපනය කළත් ධාවනය විමේදී ගැටලු මතු කරයි.
ඔබ පාවිච්චි කරනුයේ වින්ඩෝස් මෙහෙයුම සහිත පරිගණකයක් නම් පහත ආකාරයට ඉතා සරල ලෙස මේ විස්තර දැන ගත හැකිය.
1 ක්‍රමය
ඔබේ පරිගණක මුහුණතේ(ඩෙස්ක් ටොප්) ඇති මයි කොම්පියුටර් අයිකනය රයිට් ක්ලික් කර(දකුණු මවුසයෙන් විවර කර) එන ප්‍රොපටීස් ඔස්සේ යන්න. එවිට
මෙහෙයුම් පද්ධතිය -ලියාපදිංචිය හා වේගය හා මතකය පිළිබඳ දත්ත ලැබේ.
(මෙම දත්ත අඩු වැඩි අගයයන්ට හැරවීමට නම් පරිගණකයේ දෘඩාංග අමුතුවෙන් සවි කළ යුතු බව සලකන්න)

2 ක්‍රමය
ඉහත ක්‍රමයේ ලැබෙන තොරතුරු කෙටිය.මෙම තොරතුරු වැඩි විස්තරාත්මකව ලබා ගැනීමට අවශ්‍ය නම්,ස්ටාර්ට්-රන් ක්ලික් කර එහි ඕපන් ඉදිරියේ msinfo32 ටයිප් කර ඕ කේ කරන්න(Start –> Run –> msinfo32)
(මෙම දත්ත අඩු වැඩි අගයයන්ට හැරවීමට නම් පරිගණකයේ දෘඩාංග අමුතුවෙන් සවි කළ යුතු බව සලකන්න)


Direct X අගය දැනගැනීම
ඇතැම් ක්‍රීඩා සඳහා අත්‍යවශ්‍ය ඩිරෙක්ට් එක්ස් විවිධ සංස්කරණ අංක යටතේ පළ විය. ඔබේ පරිගණකයේ ඇත්තේ කවර සංස්කරණයදැයි විමසීමට
ස්ටාර්ට්-රන් ක්ලික් කර එහි ඕපන් ඉදිරියේ dxdiag ටයිප් කර ඕ කේ කරන්න (Start –> Run –> dxdiag)
මෙහි ඉහත සඳහන් වූ දත්ත මෙන්ම ඩිරෙක්ට් එක්ස් අගය ද සඳහන්ය.
(ඔබ සතුව ඇත්තේ XP මෙහෙයුම සහිත පරිගණකයක් නම් Direct X නවතම 10 වන සංස් කරණය අවශ්‍ය වන්නේ නම් මෙතැනින් බාගන්න)